Let's save the
environment
The environment is everything around us. The
natural environment is all the products of nature around us. These are trees,
vines, rivers, streams, mountains, waterfalls, oceans, seas, and all animals.
Man-made things do not belong in the natural environment.
Although man is the most intelligent creature in
the world, he does more to destroy the environment than he does to protect it.
Also, the environment has been destroyed a lot today due to human activities.
And the natural environment is polluted in many ways. Accordingly, land
pollution, water pollution, air pollution and noise pollution are some of them.
Man has polluted the land by dumping non-perishable materials such as polythene
and plastic in the environment. Water sources have also been polluted due to
careless discharge of various chemicals and waste into water sources. The
atmosphere around the earth is also polluted due to the highly harmful gases
released into the atmosphere due to industrialization. Frequent noise from
vehicles and factories causes noise pollution. In the midst of all this, global
warming is rising day by day. People are suffering from various diseases that
cannot be identified due to this pollution. Due to relentless deforestation,
fresh air has reached a very low level and natural disasters are increasing day
by day.
Considering all these facts, we can conclude that
the destruction of man as well as the natural environment will not be far off
if man does not act quickly to protect the natural environment, leaving aside
his selfishness.
පරිසරය සුරකිමු
පරිසරය යනු අප අවට ඇති සියලුම දේය. ස්වභාවික
පරිසරය යනු අප අවට ඇති සොබාදහමේ සියලු නිමැවුම් ය. ඒවානම් ගස් වැල්, ගංගා, ඇළ දොළ, කදු, දියඇළි, සාගර, මුහුදු ආදිය සහ සියළු සතුන්ය. මිනිසා
විසින් හදන ලද දේ ස්වභාවික පරිසරය ට අයත් නොවේ.
මිනිසා ලොව බුද්ධිමත්ම ජීවියා වුව ද ඔහු තමන්
ජීවත් වන පරිසරය ආරක්ෂා කරනවාට වඩා සිදු කරන්නේ එය විනාශ කිරීමයි. එසේම මිනිස් ක්‍රියාකාරකම්
හේතු කොටගෙන අද වන විට පරිසරය බොහෝ විනාශ වී තිබේ. තවද ස්වභාවික පරිසරය බොහෝ ආකාර
වලින් දූෂණයට ලක්ව ඇත. ඒ අනුව ගොඩබිම දූෂණය, ජල දූෂණය, වායු දූෂණය සහ ශබ්ද දූෂණය ඒ ආකාර
කිහිපයකි. දිරාපත් නොවන පොලිතීන්, ප්ලාස්ටික්
වැනි ද්‍රව්‍යයන් පරිසරය තුළ ගොඩගැසීමනේ මිනිසා ගොඩබිම දූෂණය කර තිබේ. විවිධ
රසායනික ද්‍රව්‍ය සහ කැළි කසල ජල මූලාශ්‍රවලට නොසැලකිලිමත් ලෙස මුදා හැරීමෙන් ජල
මූලාශ්‍රද අපවිත්‍ර වී ඇත. කර්මාන්තකරණය හේතුවෙන් වා තලයට මුදා හරින ඉතාමත් අහිතකර
වායූන් හේතුවෙන් පෘථිවිය අවට වායුගෝලය ද දූෂණයට ලක්වී තිබේ. වාහන හා
කර්මාන්තශාලාවලින් නිරන්තරයෙන් පිටවන ශබ්දය නිසා ශබ්ද දූෂණය සිදුවේ. මේ සියල්ල අතර
වන විට ගෝලීය උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් පවතී. මිනිසුන් හඳුනා ගැනීමට නොහැකි
විවිධ රෝග වලට මේ පරිසර දූෂණය නිසා ගොදුරු වෙමින් සිටී. ඉවක් බවක් නොමැතිව වනාන්තර
එළි පෙහෙළි කිරීම හේතුවෙන් පිරිසිදු වාතය ඉතාමත් අඩු මට්ටමකට ළඟා වී ඇති අතර
ස්වභාවික ආපදා දවසින් දවස වැඩි වේ.
මේ සියළු කරුණු සලකා බැලීමෙන් අප හට නිගමනය කළ
හැක්කේ මිනිසා තම ආත්මාර්ථය පසෙක ලා ස්වභාවික පරිසරය ආරක්ෂා කර ගැනීමට ඉක්මනින්
කටයුතු නොකළහොත් ස්වභාවික පරිසරයේ මෙන් ම මිනිසාගේ විනාශය ද වැඩි දුරක නොවන බවයි.
No comments:
Post a Comment